Economy

  • මේ වසරේත් ඇමරිකා එක්සත් ජනපද – ග්‍රීන් කාඩ් ලොතරැයිය ඇරඹේ! (අයදුම් කරන නිවැරදි ක්‍රමය)
    මේ වසරේත් ඇමරිකා එක්සත් ජනපද – ග්‍රීන් කාඩ් ලොතරැයිය ඇරඹේ! (අයදුම් කරන නිවැරදි ක්‍රමය)

    ඇමරිකා එක්සත් ජනපද වලින් සෑම වසරකම තම රටට සංක්‍රමණිකයන් නීත්‍යානුකූලව පිළිගැනීම සඳහා හඳුන්වා දී තිබෙන ග්‍රීන් කාඩ් ලොතරැයියේ අයදුම්පත් කැඳවීම 2022 වසරේ ඔක්තෝබර් මස 05 දා එනම් අද ආරම්භ වනවා. මෙසේ මෙම වසරේ කැඳවනු ලබන අයදුම්පත් අදාළ වන්නේ 2024 වසරේ එරටට ඇතුල් කරගන්න සංක්‍රමණිකයන් තෝරාගැනීම සඳහායි.

    අද, එනම් 05 වනදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 09:30ට ඇමරිකානු රාජ්‍ය දෙපාර්_තුමේන්තුව මේ සඳහාම වෙන් කර ඇති අයදුම්පත් භාර ගන්නා පහත වෙබ් අඩවියෙන් පමණක් ඔබට අයදුම් කළ හැකියි.

    ඒ සඳහා කිසිදු මුදලක් වැය නොවන අතර මෙම වෙබ් අඩවිය හැර වෙන කිසිදු පුද්ගලයෙක් හෝ ආයතනයක් හරහා ඒ සඳහා අයදුම් කළ නොහැකියි. එමෙන්ම මෙය සම්පුර්_ණයෙන්ම ලොතරැයියක් වන අතර වාසනා මත අහඹු ලෙස තෝරාගන්න පුද්ගලයන්ට ඒ සඳහා දිනුම ලැබෙනවා. එබැවින් මුලික පාසල් අධ්‍යාපනය සම්පුර්_ණ කර ඇති ඕනෑම පුද්ගලයෙක්ට මේ සඳහා අයදුම් කළ හැකියි.

    නොමිලේ අයදුම්පත් යොමු කිරීම සඳහා

    https://dvprogram.state.gov

    ඉහත වෙබ් ලිපිනය පමණක් භාවිතා කරන ලෙස කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ට්විව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා.

Latest News

රුසියාවෙන් තිරිඟු ඇට හා තිරිඟු පිටි ආනයනය කිරීමට සාකච්ඡා

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා හා රුසියාවේ‍ වෙළෙඳ හා කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ඊවානව්‍ මිකේහෙල් (Ivanov Mikhail) මහතා අතර හමුවක් එරට මොස්කව්‍...

ජනාධිපති ලේකම්ට පැළඳු සුදු සැරයටි දින කොඩිය

ජාත්‍යන්තර සුදු සැරයටි දිනයට සමගාමීව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත කොඩිය පැළඳවීම අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. ජනාධිපති කාර්යාලයේ වියදමින්, දෘශ්‍යාබාධිත...

ත්‍රිකුණාමල දිස්ත්‍රික් ක්‍රමෝපායික සංවර්ධන සැලැස්ම ඡන්දය ඉලක්ක කර ගත්තක් නොව මතු පරපුර වෙනුවෙන් ක්‍රියාත්මක ව්‍යාපෘතියක්: ජනපති ත්‍රිකුණාමලයේ දී කියයි.

ත්‍රිකුණාමල දිස්ත්‍රික් ක්‍රමෝපායික සංවර්ධන සැලැස්ම ඡන්දය ඉලක්ක කර ගත්තක් නොව, ඊළග පරම්පරාව වෙනුවෙන් ආරම්භ කළ ව්‍යාපෘතියක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්...

මෙරට ජනතාවගේ භාවිතයට අත්‍යාවශ්‍යම ඖෂධ හඳුනා ගැනීම සඳහා ඉහළ පෙළේ තාක්ෂණික කමිටුවක් පිහිටුවීමට අවධානය.

මෙරටට ආනයනය කරනු ලබන ඖෂධ වර්ග වැඩි සංඛ්‍යාවක් මෙරට ජනතාවගේ භාවිතයට අත්‍යාවශ්‍යම ඒ්වා නොවන බවත්, එක් ඖෂධ වර්ගයක් සඳහා සන්නාම විශාල ප්‍රමාණයකින් ඖෂධ ආනයනය කිරීම...

වගා කළ හැකි සියලු ඉඩම් වගා කරමින් රටේ ආහාර සුරක්ෂිතාව තහවුරු කිරීමේ වැදගත්කම ජනපති අවධාරණය කරයි.

වගා කළ හැකි සියලු ඉඩම් වගා කරමින් රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ත්‍රිකුණාමලය...